හමුදා සාමාජිකයන් 1000ක් මීතොටමුල්ලට


මීතොටමුල්ල කුණු කන්ද කඩාවැටීම නිසා විපතට පත්වූවන් බේරාගැනීමට හා සහන සැලසීම සඳහා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් දහසකට අධික ප්‍රමාණයක් මේ වනවිට යොදවා ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රි‘ගේඩියර් රොහාන් සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

අතුරුදන් පුද්ගලයන් පිළිබඳ නිශ්චිත තොරතුරු නොමැති බවත්, එහෙත් කුණු කන්දට යටවී පිරිස් සිටිනවාද සහිත සොයාබැලීමටද මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසා සිටියේය.

අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ සමීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

ආසන්න වශයෙන් මෙම අනතුර නිසා, ප්‍රදේශයේ පදිංචිකරුවන් 20 දෙනෙකුට වඩා අතුරුදන්ව සිටින බවට අනුමාන කරන බවත්, මීට අමතරව අවුරුදු සමය වෙනුවෙන් විපතට පත් නිවෙස් වෙත ඥාතීන්, හිතවතුන් පැමිණ සිටියානම් ඔවුන්ද අනතුරට ලක්විය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

1 2 3 4

 

 

 



Recommended Articles