හමුදා සොල්දාදුවන්ට එරෙහිව නඩු පවරන බවට ඇතැම් පාර්ශ්ව පැවැසුවත් කිසිඳු පුද්ගලයෙකු හානි නොවන අයුරින් යුක්තිය ඉටුකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
එසේම කිසිඳු විටක හමුදාව බිල්ලට නොදෙන බවත් හමුදාව ආරක්ෂා කරන් බවත් ඔහු පැවැසීය.
තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැති ටැමිල් මිරර් පුවත්පතේ කර්තෘ ඒ.පී. මදන් මහතාගේ කතුවැකි එකතුවෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා ඊයේ (17දා) මෙම අදහස් දැක්වීය.
“කිසිඳු විටෙක හමුදාව බිල්ලට නොදෙන බව මා මෙහිදී කියන්න කැමතියි. අපි සෑම විටම හමුදාව ආරක්ෂා කරමින් ඉදිරියට යනවා. දහස් ගණන් හමුදා සොල්දාදුවන් අල්ලා නඩු පවරන බවට සමහර අය කෑ ගසනවා. කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුනොවන අයුරින් ක්‍රියා කර සෑම පුද්ගලයෙකුට යුක්තිය ඉටු කිරීම අපේ අරමුණයි. දෙපැත්තේම ප්‍රශ්න තිබිය හැකියි. නමුත් එම ප්‍රශ්න දෙස ගැඹුරින් අවධානය යොමු කර සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීමට අප සූදානම්.
අද රට දෙකට කැඩෙන බවට කෑ ගසන පිරිස එදා සුදු කොඩි සිද්ධියට එරෙහිව නඩු පවරන බවට හෝ ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවට පැවසුවේ නැතිනම් අද මේ තත්ත්වය උද්ගත වන්නේ නැහැ. අද කෑ ගසන්නේ ඔය සිද්ධියට මුල් වූ අය බව මා මෙහිදී කියන්න කැමතියි. සුදු කොඩි සිද්ධියට සම්බන්ධ පිරිස මරා දැමූවේ යැයි කියමින් එදා හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඇද ගෙන ගොස් හිරේට දැමුවේ කවුද?
එමෙන්ම එදා නිව්යෝර්ක් නගරයට ගොස් මානව හිමිකම් කඩ වී ඇති බව පවසමින් අදාළ පාර්ශවයන්ට එරෙහිව නඩු පවරන බවට පැවසූයේ කුමන ආණ්ඩුවේ පුද්ගලයන් ද යන්න අසන්න මා කැමිතියි. මෙසේ ක්‍රියා කළේ කාගේ නීතිපතිවරයා ද? කාගේ විදේශ ලේකම්වරයා ද? එවකට සිටි ජනාධිපති කවුරුන්ද? ප්රශ්නය නිර්මාණය කළේ අන්න ඒ අයයි. අප මේ උත්සාහ කරන්නේ ප්රශ්නය විසඳීමටයි.
දේශපාලන විසඳුමක් ඔසසේ මේ ප්‍රශ්න පහසුවෙන් බේරාගත හැකියි. පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදමට අප උත්සාහ කරන්නේ ඒ නිසයි.”