08.45 A.M UPDATE
කිලෝමීටරයක සීමාව ඉක්මවා සිටින ජනතාවට නැවත කැදවයි
සලාව යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්න හේතුවෙන් කිලෝමීටර් 6ක වපසරියක ජනතාව මුලින් ඉවත් කරත්, මේ වන විට එහි සීමාව කිලෝමීටරයක් දක්වා අඩු කර තිබේ.ඒ අනුව කිලෝමීටරයක සීමාව ඉක්මවා සිටින ජනතාවට නැවත සිය ගෙවල්වලට පැමිණිය හැකි බව යුද හමුදාව සඳහන් කරයි.
ඉන්දික හේවාවිතාරණ
ඡායාරූප Mike Mj ෆේස්බුක් ගිණුම
08.25 A.M
කොටහැර කන්ද නායයෑමේ අවධානමකට ලක්වේ
ඊයේ (05දා) ඇති වූ පිපිරීමත් සමග කොස්ගම කොටහැරකන්ද නාය යාමේ අවදානමකට ලක්ව තිබෙනවා.ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව 'අද' ට වාර්තා වේ.
08.20 A.M
ගින්න සම්පූර්ණයෙන් මැඩ පවත්වයි
හමුදා කඳවුරේ ඇතිවූ ගින්න සම්පුර්ණයෙන් මැඩපවත්වා ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා පවසනවා.
08.10 A.M
ගමනා ගමනයට බාධා
ගින්න හේතුවෙන් මේ වනවිට අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුඅග්ගල සිට කොස්ගම දක්වා වූ කොටස මුළුමනින්ම වසාදමා තිබේ.ඒ හේතුවෙන් එම මාර්ගයේ වාහන ධාවනය සීමා කර තිබෙනවා.විකල්ප මාර්ග ලෙස කොස්ගම හංදියෙන් හැරී කනම්පැල්ල හංදියට පැමිණ බෝල්ටාව මංසන්දියෙන් වමට හැරී,අකරවිට මංසන්දියෙන් දකුණට හරවා කළුඅග්ගල හංදියට පැමිනීමට හැකි බවත් එසේත් නොමැතිනම් කොස්ගම හංදියෙන් හැරී පූගොඩ දක්වා ගමන් කර අවශ්‍යතා සපුරා ගන්නා ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
2016/06/06 08.00 A.M
තුවාල ලැබූ ගණන ඉහලට
කොස්ගම සාලාව කඳවුරේ ඇතිවූ පිපිරීමත් සමග ඇතිවූ ගින්න හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.ඉන් 37 දෙනෙකු සුළු තුවාල කරුවන් බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් පාලිත මහිපාල මහතා පවසා සිටී.
1.10 PM
සිද්ධිය පිළිබද පරීක්ෂණ රහස් පොලීසියට
කොස්ගම සාලාව යුධ හමදා කදවුරේ ගින්න පිළිබඳ පරීක්ෂණ රහස් පොලිසියට පවරන ලෙස නීතිය හි සාමය ඇමැති සාගල රත්නායක මහතා උපදෙස් ලබා දී තිබේ.
යුධ හමුදා බට පිරිස් සහ ගිනි නිවන ඒකකය කදවුර තුලට ඇතුල් වේ
11.00 PM
යුධ හමුදා බට පිරිස් සහ ගිනි නිවන ඒකකය මේ වන විට කදවුර තුලට ඇතුලු වී තිබේ. ඒ සමගම සෞඛ්‍යය සේවා කණ්ඩායම්ද ඔවුන් සමග කදවුර තුලට ගොස් ඇත.
10.45 PM
පාසල් සහ රජයේ ආයතන වසා දැමේ
ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල සහ ඒ අවට පාසැල් සහ රජයේ ආයතන සඳහා හෙට දිනයේ (06දා) නිවාඩ් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
10.30 PM
හදිසි ප්‍රතිකාර අවශ්‍යනම් 011-3071073 හෝ 117 යන දුරකථන අංක අමතන්න
පිපිරීම නිසා ප්‍රදේශයේ ඉවත් කල ගැබිනි සහ රෝගීව සිටි හෝ ගින්න හේතුවෙන් රෝගීවූ රෝගීන්ට සෞඛ්‍යය ප්‍රතිකාර අවශ්‍යනම්
011-3071073 හෝ 117 යන දුරකථන අංක වලට ඇමතීමෙන් කඩිනමින් ප්‍රතිකාර ලබා ගත හැකි බව සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂන ජනරාල්වරයා පවසා සිටී.
10.00 PM
එක් අයෙකු මිය යයි
ගින්න හේතුවෙන් මේ වන විට එක් අයෙකු මිය ගොස්, තිදෙනෙකු තුවාල ලබා ඇති බව රෝහල් ආරන්චි මාර්ග ඔස්සේ 'අද' ට වාර්තා වේ.ඒ ප්‍රදේශයේ දැනට පවතින අධික දුම හේතුවෙන් හුස්ම ගැනීමට අපහසු බව ප්‍රදේශවාසීන් පවසා සිටියි.
8.25 PM
ජීවිත හානි මෙතෙක් වාර්තා වී නෑ
(UPDATE) සාලාව හමුදා කඳුවුර තුළ සිදුවූ පිපිරීමෙන් හමුදා නිලධාරීන්ට හෝ ප්‍ර‘දේශවාසීන්ට ජීවිත හානියක් සිදුව තිබෙන බවට මෙතෙක් (ප.ව 8.00) වාර්තා වී නොමැති බව ආරක්ෂක රාජ්‍ය ආමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සඳහන් කළේය. කඳවුර අවට පදිංචිකරුවන් මේ වනවිට ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ඒමට ආරක්ෂක හමුදාව හා පොලීසිය කටයුතු කළ බවද ඔහු පවසා සිටියේය.
8.00 PM
ගිලන් රථ 20 ක් සාලාවට
පවතින තත්ත්වයට මුහුණ දීම සඳහා කරවනැල්ල,රත්නපුර,කළුබෝවිල, රත්නපුර සහ ජාතික රෝහල් වලින් ගිලන් රථ 20 ක් එම ස්ථානයට පිටත් කර යවා තිබෙන බව සෞඛ්‍යට අමාත්‍යාංශය පවසා සිටී.ඊට අමතරව රත්නපුර රෝහලේ සිට අතිරේක වෛද්‍යවරුන් අවිස්සාවේල්ල මූලික රෝහල වෙත පැමිණ සිටින බව රෝහල් ආරංචි මාර්ග ඔස්සේ 'අද' ට වාර්තා වේ.
7.00 PM
අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය වැසේ
සාලාව කඳවුරේ ඇති වී තිබෙන ගින්න හේතුවෙන් කළුඅග්ගල සිට අවිස්සාවේල්ල දක්වා මාර්ගය වසා තිබෙන නිසා හයිලෙවල් මාර්ගය හා ලෝලෙවල් මාර්ගවල ගමන් කිරීමට බලාපොරොත්තු වන සියලුම දෙනාවිකල්ප මාර්ග භාවිත කරන්නැයි පොලීසිය ඉල්ලා සිටියි.
ගින්න මැඬ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරගැනීම සඳහා මෙම මාර්ගය වසා තබාඇත.
මීට අමතරව කිලෝමීටර් 06 ක වපසරයක් තුළ ජීවත්වනප්‍ර‘දේශවාසීන්ද නිවාසවලින් ඉවත් කර තිබේ.
5.00 PM
සාලාව පතොරම් ගබඩාව පුපුරයි
අවිස්සාවේල්ල සාලාව හමුදා කඳවුරේ පිහිටි පතොරම් ගබඩාවේ සිදුවූ පිපිරීමක් නිසා ඒ අවට පදිංචි ජනතාව ඉවත් කිරීමට කටයුතු යොදා තිබේ. පිපිරීම නිසා හටගත් ගිනි ගැනීම් තත්ත්වය නැරඹීමට පැමිණීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා ඉල්ලා සිටියේය.
පතොරම් ගබඩාවේ ඇතිවූ ගිනි ගැනීම් තත්ත්වය ආයුධ ගබඩාව තෙක් පැතිර ඇති බවට වාර්තා වන අතර අදාළ ගිනි ගැනීම නිවා දැමීමට ගුවන් හමුදා සහ යුද හමුදාව එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ. මෙම ගින්න සවස 4.30ට පමණ ආරම්භ වී තිබේ.
ඡායාරූප - රෙක්සි (පාදුක්ක)
ඡායාරූප - බිමල් ශ්‍යාමන්