හම්බන්තොට අලි පැටියට දැන් හොඳයි


හම්බන්තොට වරාය පරිශ්‍රයේ දෙවන අධියරේ ඉදිකිරීම් කෙරෙන මාර්ගයක වළකට වැටි සිටියදී බේරාගත් මාස තුනක් පමණ වයස අලි පැටවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බව උඩවලව ඇත්අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා මහතා පවසයි.

"අලි පැටියා මේ වනවිට හොඳට කිරි බොනවා, කකුලේ අබාධයක් තිබුණා. ඒකත් බොහෝදුරට සුවවෙලා තියෙනවා. නමුත් අපට තවම විශ්වාසයක් නෑ මෙයාව අපහු එයාගේ අම්මට සම්බන්ධ කරන්න පුළුවන් වෙයිද කියලා.

අලි පැටියෙකු අවුරුදු පහක් පමණ උඩවලව අත් අතුරු සෙවනේ පුනුරුත්තාපනය වෙනවා. අපිට විස්වාසයක් ඇතිවුණාට පස්සේ මෙයාට තනියම කැලේට ගිහින් ජීවත්වෙන්න පුළුවන් කියලා පුනුරුත්තාපන පැටවුන්ගෙන්ම කණ්ඩායමක් හදලා කණ්ඩායම විදියට අලි පැටවූ නිදහස් කරනවා." යැයි ඔහු පැවැසීය.

38c134c7-3105-47d4-8262-135820d4fe41 064d1d99-2527-40c3-9158-1c472d879ccf

8651f5a6-b3f4-4dc0-b07e-3aac29502b233c208393-aca8-4a05-9043-23fddfa57c45 f64f5133-11c3-4ae8-85d3-aafaa4fa45f3

 

 



Recommended Articles