හම්බන්තොටට දිගම මගී නැව පැමිණෙයි


හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරායට මෙතෙක් පැමිණි දිගම මගී ප්‍රවාහන නෞකාව අද (07දා) පෙරවරු 07 ට හම්බන්තොට  වරායට සේන්දු විය. හොලන්ඩ් ඇමරිකන් සමාගමට අයත් රොටෙඩම් (Rotterdam ) නැමති මෙම නෞකාව දිගින් මීටර්230 කි. එය මගීන් 1164 ක් හා කාර්යමණ්ඩලයේ 598 දෙනෙකුගෙන් යුක්ත වේ.

ඉන්දියාවේ කොචින් වරායේ සිට පැමිණ නැවේ මගීන්ගෙන් බොහෝ දෙනෙක් අද (07දා) පෙ.ව. 8.00 සිට රාත්‍රී 8.00 දක්වා හම්බන්තොට දිස්ත්‍රික්කයේ යාල, බූන්දල, කිරින්ද සහ තවත් ප්‍රෙද්ශ රාශියක සංචාරය කිරීමට නියමිතය.

පසුව රාත්‍රී 10.00 ට හම්බන්තොට වරායේ සිට මියන්මාරය දක්වා ගමන් කිරීමට නියමිතය.

 

 

 

 



Recommended Articles