ශ්‍රී ලාංකිකයන් අට දෙනෙකු සහිතව සෝමාලියානු කොල්ලකරුවන් විසින් පැහැරගත් ඉන්ධන ප්‍රවාහන නෞකාව නිදහස් කිරීම සඳහා ඔවුන් කප්පම් මුදල් ඉල්ලා සිටින බව යුරෝපා සංගයමේ මුහුදු කොල්ලකෑම් වැළැක්වීමේ මෙහෙයුම් ඒකකය කියයි.
එසේම පැහැරගත් නෞකාවේ සිටි ශ්‍රී ලංකා කාර්ය මණ්ඩලයට සෝමාලි කොල්ලකරුවන්ගේ සිය භාරයට ගෙන ඇති අතර ආයුධ සන්නද්ධ පිරිස් නෞකාවේ සිටින බවට එහි කපිතාන්වරයා යුරෝපා සංගමයේ මුහුදු කොල්ලකෑම් වැළැක්වීමේ ඒකකය හා සම්බන්ධ වෙමින් පවසා තිබේ.
ජිබෝල්ටාවේ සිට සෝමාලියාවේ මොගඩිෂූ අගනුවර වෙත ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් පසුගිය සඳුදා දිනයේදී සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්විය. එය ශ්‍රී ලංකා ධඡය සහිතව යාත්‍රා කෙරිණි. සමස්ත කාර්ය මණ්ඩලය අට දෙනෙකුගෙන් සමන්විත වූ අතර ඔවුන් සියල්ලනම ශ්‍රී ලාංකිකයෝ වූහ.
2012 වසරෙන් පසුව සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් සිය ග්‍රහණයට ගත් පළමු වාණිජ නෞකාව ලෙස මෙම පැහැර ගැනීම සැලකේ.
පැහැරගැනිමට ලක්වූ ඒරිස් නෞකාවේ ඡායාරූපයක් - 2014 වසරේ ඔස්ට්‍රේලියාවේදී