සේතවාඩිය සංචාරක හෝටලක් විනාශයි


කල්පිටිය සේතවාඩිය පිහිටි සංචාරක නිකේතනයක්,ඊයේ (27දා) රාත්‍රී දහයයි තිහට පමණ, හදිසි ගින්නකින් දවි ගිය බව කල්පිටිය පොලිසිය පවසයි.

මෙම සංචාරක නිකේතනය ලෑලි සහ පොල් අතු වලින් නිමවා තිබුණු බවත්, සංචාරකයෙකුගේ දුම් වැටියක් පොල් අතු මතට වැටීමෙන් ගින්න ඇතිවන්නට ඇතැ යි පොලිසිය සැක කරණ බවත් කල්පිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උව් ගමගේ මහතා කියයි.

ගින්න ඇතිවන අවස්ථාවේ,සංචාරකයෝ හතලික් පමණ ලැගුම් ගෙන සිටි බවත්,ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානි සිදු වී නැතැ යිද පොලිසිය පවසයි.

ගින්නෙන් සිදුවූ හානිය මෙතෙක් තක්සේරු කර නැත.



Recommended Articles