සෙල්ෆියක් ගහමුද?


මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එක්ක සෙල්ෆි ගහන්න සාමාන්‍ය ජනතාව ඉස්සර පොරකෑවා. පස්සේ ඒ උනන්දුව ටිකක් අඩු වුණා. ඊයේ (22දා) පිවිතුරු හෙළ උරුමය සංවිධානය කළ පොත්පත් සහ සිල්රෙදි බෙදීමේ උත්සවය අතරතුර රැස්වීමේ දී එම පක්ෂයේ ප්‍රබලයෙකු වන මධුමාධව අරවින්ද සෙල්ෆියක් ගනිද්දී හිටපු ජනාධිපතිවරයා, උදය ගම්මන්පිල එක්ක සෙල්ෆියට පෙනී සිටියේ ටිකක් ''සීරියස් මූඩ්'' එකක් දා ගෙන. සෙල්ෆි ජනප්‍රියත්ව අඩු එක ගැන හිතුවද එහෙම නැත්නම් සිල්රෙදි බෙදලා අයෙ එෆ්.සී.අයි.ඩී යන්න වෙයි කියලා හිතිලා මූඩ් අවුට් ගියාද මන්දා.

ඡායාරූපය - ක්‍රිශාන් රණසිංහ 

 



Recommended Articles