සිවුදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ තිබෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරු හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (09දා) පෙරවරුවේදී අරලිය ගහ මන්දිරයේදී සිදුවිය.
සෙයිද් කුමරු හෙට දිනයේදි දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර ඔහුගේ සංචාරය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් අද සවස එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පැවැත්වීමටත් නියමිතය.