සුදු ජාතිකයාගේ හිත ගිය යාපනයේ තරුණිය


යාපනයේ කයිතඩි ප්‍රදේශයේදී ද්‍රවිඩ තරුණියක විදේශීය ජාතිකයෙක් සමග ඊයේ (09දා) හින්දු චාරිත්‍රානුකූලව විවාහ වී ඇත.විදේශීය ජාතිකයා හින්දු සම්ප්‍රදායන්ට අනුව ඇඳුම් ආයිත්තම්වලින් සැරසී සිටීමද විශේෂවූ අතර, විදේශිකයාගේ ඥාතීන් හා හිත මිතුරන්ද සැරසී සිටියේ හින්දු සම්ප්‍රදායන්ට සැකසුනු ඇඳුම් ආයිත්තම්වලිනි.

හින්දු චාරිත්‍රවලින් පසුව මනමාලයා සහ මනමාලිය කරත්තයක නංවා සම්ප‍්‍රදායික ලෙස නිවස වෙත රැගෙන යාමටද කටයුතු සංවිධානය කර තිබුණි.විවාහක යුවළ කරත්තයක නැග නිවස වෙත පැමිණීම හින්දු සම්ප‍්‍රදායට අනුව විවාහ චාරිත‍්‍ර ඉටුකිරීමේදී සිදු කරන්නක් බව පැවසේ.

මනාලියගේ පාර්ශ්වයේ ඥාතීන්ද කියා සිටියේ, මෙවැනි බැඳීම් තුළින් සංහිඳියාව ගොඩනැගෙනවා සේම සමාජයටද වැදගත් පණිවිඩයක් ලබාදෙන බවයි.

01 02

 



Recommended Articles