දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීමටත්, ඔවුන්ගේ ජන ජීවිතය නැවත නගා සිටුවීමටත් අවශ්‍ය සේවා සඳහා සිවිල් ආරක්ෂක බළකායේ භටයන් 1500ක් සහන සේවයට යොදා ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඔවුන් විශේෂයෙන්ම රත්නපුර, ගාල්ල, කළුතර මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කයන්හි මානුෂීය මෙහෙවර සඳහා යොදවා ඇතැයි එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධක්ෂ මේජර් වජිර කුමාරතුංග මහතා පැවසීය.
ආපදාවට පත් දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන මාර්ග, අතුරු මාර්ග, පොදු ළිං, නිවාස, පාසල්, විහාරස්ථාන කානු පද්ධති ආදි සියලුම පොදු ස්ථාන පිරිසුදු කිරීමේ කටයුතු ඊයේ (31දා) සිට ආරම්භ කළ බවද ඒ මහතා සඳහන් කළේය.
අවතැන් ජනතාවගේ නිවාස පිරිසුදු කර ඒවා නැවත පදිංචියට සුදුසු තත්ත්වය පත්කිරීමේ කටයුතු සඳහා දෙවැනි අදියරක්ද ක්‍රියාත්මක කරන බව මාධ්‍ය අධයක්ෂවරයා ප්‍රකාශ කළේය.
විපතට පත් ජනතාවට අවශ්‍ය වියළි ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම සිවිල් ආරක්ෂක බළකායේ සේවා වනිතා ඒකකය විසින් සිදුකරයි.
එසේම බළකා මූලස්ථානය මගින් එක්රැස් කරන ලද වියළි ආහාර ද්‍රව්‍ය, ඇඳුම් පැලඳුම් හා පානීය ජල බෝතල් ඇතුළු ද්‍රව්‍යයන්ගෙන් සමන්විත ලොරි 27ක් හෙට (02දා) ආපදාවන්ට පත් මහනජතාව වෙනුවෙන් බෙදාදීමටද නියමිතය.