කැළි කසළ පිළිබඳ ප්රශ්නය එක් රටකට කලාපයකට පමණක් සීමාවී නොමැත. බොහෝ රටවල් එම ගැටලුවෙන් පීඩා විඳියි. ලෝකයේ බෝහෝ රටවල් කැළිකසළ ගැටලුව අවම කර ගැනීමට විවිධ ක්‍රියාමාර්ග ගනියි. ඒ අතරින් ජනතාවට පණිවිඩයක් ලබාදීමට ඒ ඒ රටවල් කටයුතු කරයි.
සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයන් විසින්ද රට පිරිසුදු කිරීමේ අවස්ථාවටක එක්ව එරට ජනතාවට ආදර්ශයක් ලබාදීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ බුලවායෝහිදී ඊයේ (23දා) කැළි කසළ එකතු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරමිනි.
කසළ එකතු කරමින් ඒවා බඳුන්වලට දැමීමට සිම්බාබ්වේ ක්‍රිකට් ක්‍රීඩකයෝ කටයුතු කළහ. නායක ග්‍රෑම් ක්‍රීමර් ඇතුළු කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයන් හා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හීත් ස්ට්‍රීක්, පන්දු යැවීමේ පුහුණුකරු මකායා නිටිනි ඇතුළු පුහුණුකරුවෝද මෙම අවස්ථාවට එක්වූහ.
කණ්ඩායමේ සමාජ වගකීම්හි ඉටුකිරීමේ එක් අදියරක් වශයෙන් ඔවුන් විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.