සිංහරාජ අඩවියෙන් හඳුනාගත නොහැකි සත්ත්වයෙකු සොයාගෙන ඇති බවත්, මෙම සතා පිළිබඳව දන්නා ගම්වාසීන් හෝ පුද්ගලයන් සිටී නම් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඔවුන්ගේ සහාය පතන බවත් තිරසාර සංවර්ධ හා වනජීවී අමාත්‍යාංශය පවසයි.
මෙම සත්ත්වයාගේ පෙනුමට අනුව රන් හෝතඹුවා සහ උගුඩුවා වැනි සත්ත්ව විශේෂවලට ආසන්න පෙනුමක් තිබුණද, වලිගය නොමැතිකම සහ කහ කළු දුඹුරු පැහැති ලෝම ඇති බැවින්, අනෙක් උගුඩු විශේෂවලට වඩා මෙම සත්තවයා වෙනස් බව තහවුරු වූ බවද සිංහරාජ වන අඩවි කාර්යාලය වාර්තාකර තිබේ.
මෙම සත්වයාගේ බර කිලෝග්‍රෑම් 03 ග්‍රෑම් 300 ක් වන අතර, මෙම සතා දිගින් සෙන්ටිමීටර් 60 ක් වේ. මෙම සත්වයාගේ වලිගය නොමැති අතර, කුඩාකලම වලිගය කැඩී ඇති බවට සැකයක් පවතින බවත් මෙම සත්වයාගේ බාහු ප්‍රදේශයේ උස සෙන්ටිමීටර් 39.1 වන අතර ඉදිරියේදී මෙම සත්ත්වයාගේ ජාන විශ්ලේෂණය කොට මෙම සත්ත්වයා හඳුනාගැනීමට අවශ්‍ය කටයුතු කරන බවත් අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.