ස්ව්‍යංජාත වී නුවර එළියේදී වගාකරයි


'ස්වයංජාත ඇල්' නමින් හැඳින්වෙන පැරණි වී වර්ගය සාර්ථකව වගාකර ඇති බව නුවරඑළිය ශාන්තිපුර විහාරයේ විහාරාධිකාරී මොරපේ කුසලඥාන හිමියෝ පවසති.

උන්වහන්සේ පවසන්නේ ශ්‍රී ලංකාව තුළ නියඟයක් ඇති වුවත් එයින් ඇතිවන ආහාර හිඟයට මුහුණදීමට ස්වයංජාත වී වගා කිරීමෙන් හැකියාව ලැබෙන බවයි.

වසර තුනක පමණ ආයු කාලයක් ඇති, සති දෙකකට වරක් පමණක් ජලය අවශ්‍ය වන එක් ගසකින් වසරකට හාල් කිලෝ 12ක් පමණ අස්වැන්න ලබාගැනීමට හැකි බව උන්වහන්සේ සඳහන් කරති.

රටේ පවතින සහල් හිඟය සඳහාද මෙය ප්‍රචලිත කිරීමෙන් ජනයාට යම් සහනයක් ලැබෙන බවද කුසලඥාන හිමියෝ පවසා සිටිති.

මේ සම්බන්ධව අදහස් දැක්වූ බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂිකා ආචාර්ය අමිතා බෙන්තොට මහත්මිය පැවසුවේ, විද්‍යාත්මකව කළ පරීක්ෂණවලදී මෙම ශාකය වී වර්ගයක් නොව තෘණ විශේෂයට අයත් ශාකයක් බව තහවරු කර ඇති බවත්, අනාධිමත් කාලයක සිට වියළි කලාපයේ හේන්වල මෙම ශාකය වගා කර ඇති බවත්ය. 

1 copy 2 copy 3 copy



Recommended Articles