සරසවි සිසුන්ට බැටන් පොලු කඳුළු ගෑස් හා ජල ප්‍රහාර


(UPDATE) මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසිකරන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය වටලා සිටි සරසවි සිසුන් බැටන් පොලු ප්‍රහාර එල්ල කරමින් පළවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළේය. දෙපාර්ශ්වය අතර ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් අමාත්‍යාංශයේ දේපළ වලටද හානි ඇතිව තිබේ. පසුව කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකරමින් සරසවි සිසුන් පිරිස කොළඹ නගර සභා සීමාව තෙක් විසුරුවා හැරිමටද කටයුතු කෙරිණි.

ඡායාරූප ශමීර රාජපක්ෂ

DSC_6263 DSC_6276 DSC_6287 DSC_6297 DSC_6310 DSC_6355 DSC_6379 DSC_6382 DSC_6505 DSC_6522 DSC_6537 DSC_6553 DSC_6582 DSC_6591 DSC_6604 DSC_6668 DSC_6676 DSC_6714 DSC_6904 DSC_6954 DSC_7002 DSC_7014 DSC_7032


සරසවි සිසූහු සෞඛ්‍ය අමාත්‍යාංශය වටලති

සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාල අහෝසි කරන ලෙස රජයට බලකරමින් විශ්විවිද්‍යාල සිසුන් පිරිසක් පවත්වන පාගම සෞඛ්‍ය අමාත්‍යාංශය අසළට පැමිණීමෙන් අනතුරුව ඔවුන් අමාත්‍යාංශ ගොඩනැගිල්ල වටකරමින් හා එය තුළට පිවිස විරෝධතාවයේ නිරත වෙමින් සිටියි.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

 

 



Recommended Articles