විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ට ඇති වී තිබෙන ගැටලු විසඳා ගැනීම සඳහා ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගවලට අද (06දා) දිනයට දින 07ක් ගතවී තිබෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ සඳහන් කරයි.
එහෙත් මෙතෙක් ගැටලු විසඳීමට බලධාරීන් කටයුතු කර නොමැති බවත්, මේ නිසා ඉදිරියේදී විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හා විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරීන්ද එක්කර ගනිමින් තව ආකාරයකට විරෝධතා ව්‍යාපාර දියත් කරන බවත් එම සංගමයේ සමසභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා සඳහන් කළේය.
ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙස ඉල්ලා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (06දා) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බවද ඔහු පවසා සිටියේය.
ඡායාරූප - එශාන් ප්‍රනාන්දු