සයිටම් විරෝධී පෙළපාළියට ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්


(UPDATE)

කඳුළු ගෑස් ජල ප්‍රහාර ශිෂ්‍යයන්ට එල්ල කර ආණ්ඩුවේ අරමුණ ඉෂ්ට කර ගැනීමට උත්සාහ කළද, ඒ සඳහා අවස්ථාවක් ලබා නොදෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

සයිටම් අහෝසි කිරීමට මුවා වී කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රට තුළ ඇති කිරීම උදෙසා හෙට (20දා) පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමට නියමිත බවද එම සංගමයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා පවසා සිටියේය.

මේ නිසා මෙම පනත හකුලා ගන්නා ලෙස සහ සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිට සිට පාර්ලිමේන්තුව දක්වා පා ගමනක් පැවැත් වූ අතර, පාර්ලිමේන්තු වටරවුම අසලදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර පා ගමන විසුරුවා හැරීමට කටයුතු කළේය.

 


මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බළ මණ්ඩලය  පැවැත්වූ විරෝධතාවක් විසුරුවාහැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. පාර්ලිමේන්තු වටරවුමේදී මෙම ප්‍රහාරය එල්ල කළේය.

a21

0S3A9100 0S3A9113 0S3A9179 0S3A9189 0S3A9197 0S3A9210 CSK_3626 CSK_3627 CSK_3631 CSK_3633

CSK_3646 CSK_3649 CSK_3650 CSK_3652 CSK_3665 CSK_3669 CSK_3675 CSK_3697 CSK_3725 CSK_3768

ඡායාරූප - ක්‍රිෂාන් රණසිංහ



Recommended Articles