UPDATE සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස රජයට බලකිරීමේ විරෝධතාවක් අද (18දා) කොළඹ කොටුවේදී පැවැත්වුණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලය මෙය සංවිධානය කර තිබුණි.
කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ සිට කොළඹ කොටුව දක්වා පාගමනින් පැමිණීමෙන් අනතුරුව පිරිස විරෝධතාවේ නිරත වූහ.
සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අද (18දා) කොළඹ කොටුව ප්‍රදේශයේ පවත්වනු ලබන විරෝධතා පාගමන හේතුවෙන් සෙරමික් හංදියේ සිට එන්.එස්.ඒ වටරවුම දක්වා ලෝටස් මාර්ගයේ වාහන ගමනාගමනය සීමා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී ඇති අතර හැකිතාක් වෙනත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය එක්ව අද (18දා) පැවැත්වීමට නියමිත විරෝධතාවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
මෙම පාගමන මහජනතාවට හා රථවාහනවලට බාධාවක්, අනතුරක් ඇතිවන ආකාරයන් පවත්වාගෙන යාමෙන් වැළකී සිටිය යුතු බවත් රජයේ කාර්යාලවලට බලහත්කාරයෙන් හා සාමය කඩවන ආකාරයෙන් ඇතුළුවීමෙන් වැළකිය යුතු බව දක්වමින් මෙම නියෝගය නිකුත් කර තිබේ.
කොළඹ කොටුව ආශ්‍රිතව උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවට කොටුව පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව කොටුව පොලීසිය විසින් මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.