මෙවර සිරිපා වන්දනා සමය ආරම්භකරමින් සමන්දේව ප්රතිමාව සහ දේවාබරණ වැඩමවීමේ සමාරම්භ පෙරහර අද (23දා) අළුයම පැල්මඩුල්ල, ගල්පොත්තාවල ශ්රී පාද රජමහා විහාරස්ථානයෙන් ආරම්භ විය. ශ්රීපාදස්ථානය වෙත දේවාභරණ වැඩවීමේ පෙරහර තුනක් පැවැත්වීම මෙවර විශේෂත්වයකත් වේ. අද අලුයම විහාරස්ථානයෙන් සමන්දේව ප්රතිමාව සහ ආභරණ දොරට වැඩමවු අතර ආගමික වතාවත් වලින් අනතුරුව රියපෙරහර ආරම්භවිය.
ඒ අනුව පැල්මඩුල්ලේ සිට හැටන්, නල්ලතන්නි හරහා ශ්රීපාදය වෙතද දෙවැනි පෙරහර පැල්මඩුල්ලේ සිට පලාබද්ධර හරහා ශ්රීපාදස්ථානය වෙත සහ පැල්මඩුල්ලේ සිට කුරුවිට හරහා ශ්රීපාදස්ථානය වෙත පෙරහර ත්රිත්වයක් ගමන්ගනී. මේනවිට පෙරහර ත්රික්වයම වීදී සංචාරය කරන අතර විශාල ජනකායක් මගදෙපස රැස්ව හිදී.