සබරගමුව හිටපු පළාත් සභා මන්ත්‍රීගෙන් සල්ලි දන්සලක්


සබරගමුව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා සිය දෙමාපියන්ට සහ සිය පවුලේ මිය ගිය ඥාතීන්ට පිං පිණිස සල්ලි දන්සලක් මාවනැල්ල ලෝල්ලේගොඩ සිය නිවස ඉදිරිපිටදි අද ( 29දා) උදෑසන පැවැත්විය.

මෙම දන්සල වෙනුවෙන් පැමිණි බොහෝ දෙනෙක් පොලිම් ගැසි මන්ත‍්‍රීවරයාගේ නිවස ඉදිරිපිට රැඳි සිටි අතර උදෑසන 9.00 ආරම්භ කල දන්සලට පැමිණි ඒ සියලු දෙනා වෙනුවෙන් රුපියල් 100 බැගින් මෙහිදි මුදල් ලබා දිම සිදු විය.

පැය දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම සල්ලි දන්සල පැවැති අතර මෙම සියලු මුදල් ලබා දිම හිටපු පළාත් මන්ත‍්‍රී ඉදුනිල් ශාන්ත ගුණසේන මහතා අතින්ම සිදු විය.

“මට මතකයි අපි පුංචි දවස් වල වෙසක් පෝය දවසේ මෙ අවට ඇවිදින්න ගියපුවාම සමහර වේලාවට අපිට සල්ලි ඔනෑ වෙනවා. ඉතින් ඒ වාගේ අවස්ථාවන් වලට රුපියල් 100 කින් හරි මුදලක් තියෙනවා නම් ඒ වේලාවට වටිනනවා. ඒ නිසා තමයි අපි මෙ හැම කෙනෙකුටම අපි සල්ලි දෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ සමහර අය අපි සල්ලි දන්සලක් දෙනවා කිවාට පස්සේ කලබල වේලා හොර සල්ලි දන්සලක් දෙනව කියලා හැම තැනට තුණ්ඩු දාලා තියෙනවා. නමුත් අපි ඒ මෝඩ එක්සත් ජාතික පක්ෂයේ අයට කියනවා හොර සල්ලි අපි බෙදනවා නම් ලගම තියෙන පොලිසියේ පැමිණිල්ලක් දාන්න එහෙම නැතිනම් සි.අයි.ඩි. එකට හරි එෆ්.සී. අයි. ඩි. එකට හරි දැනුම් දෙන්න කියලා.”

2018-April-29-Maha-Sali-Dansala-Mawanella-(1) 2018-April-29-Maha-Sali-Dansala-Mawanella-(2) 2018-April-29-Maha-Sali-Dansala-Mawanella-(4) 2018-April-29-Maha-Sali-Dansala-Mawanella-(5) 2018-April-29-Maha-Sali-Dansala-Mawanella-(7)

සමන් විජය බණ්ඩාර

 

 

 



Recommended Articles