හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහු අල්ලස් හෝ දූෂණ විමර්ශණ ඒකකයට කැඳවීමට විරෝධය දක්වමින් එකසත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායමක් පාර්ලිමෙන්තු සභාගර්භයේදී විරෝධයක නිරතවූහ. හිටපු ජනපතිවරයාට එළැඹෙන 24දා ප්‍රකාශ සටහන්කර ගැනීම සඳහා අල්ලස් කොමිසමට පැමිණෙන ලෙස දන්වා තිබේ.