සජින් රිමාන්ඩ්


(UPDATE) 3.11 PM ව්‍යාපාරිකයෙකුට මරණීය තර්ජන එල්ලකර රුපියල් කෝටි 61 ක් වටිනා චෙක්පත් ලබාගැනීමේ චෝදනා යටතේ සැකපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා එළඹෙන 05 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය. 

ක්‍රිෂ්ණා සේලවනාදන් නමැති සමාගම් අධ්‍යක්ෂවරයෙකු තම දෙපාර්තමේන්තුවට සිදුකළ පැමිණිල්ලක් සලකා බලා සැකකරු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාර හිටපු මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසීය. 

පැමිණිලිකාර සමාගම් අධ්‍යක්ෂවරයා ඊළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සැකකාර හිටපු මන්ත්‍රීවරයාට අයත් සමාගම් කිහිපයක උපයාගත් අකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි 60කට ආසන්න මුදල් හා දේපළ සම්බන්ධයෙන් පසුගිය වසරක කාලයක් තිස්සේ පරීක්ෂණ පවත්වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය. 

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන අතරතුර සැකකාර මන්ත්‍රීවරයා පැමිණිලිකරුට මරණීය තර්ජන එල්ල කර ලබාගත් චෙක්පත් සැකකරුගේ සමාගම්වලට බැර කර ඇති බවට පැමිණිලි ලැබුණු බවත්, ඒ සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අවසන් වන තෙක් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු සමාගම් අධ්‍යක්ෂවරයාට එල්ල කළ මරණ තර්ජනයට බියෙන් ඔහු සැඟවී සිටින බව දැනගන්නට ලැබුණ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව ඉදිරියටත් සැකකරු සමාගම් අධ්‍යක්ෂවරයාට තර්ජනය කරන බවට පැමිණිලි ලැබුණහොත් සැකකරු අඛණ්ඩව රක්ෂිත බන්ධනාගාරගත කරන බවටද මහේස්ත්‍රාත්වරයා අවවාද කළේය. 

DSC_2097 DSC_2099 DSC_2101 DSC_2135 DSC_2139

ඡායාරූප ඉසංක සුනිමාල්

 


මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මුදල් විශුද්ධීකණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කර ඇති අතර ගුවන් යානා මිලට ගැනීම,  ජනපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කිරීම යන චෝදනා යටතේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 



Recommended Articles