සංගාගෙන් තවත් වාර්තාවක්


ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම දිවිත්ව ශතක හිමි පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට කුමාර් සංගක්කාර පත්විය. ඒ පාකිස්තානයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ අද වාර්තා කළ ද්විත්ව ශතකය නිසාවෙනි

මෙය සංගාගේ 10 වැනි දිවිත්ව ශතකය වන අතර ඒ අනුව ද්විත්ව ශතක 9ක් වාර්තා කරමින් එහි දෙවැනි ස්ථානයේ පසුවූ බ්‍රයන් ලාරා තෙවැනි ස්ථානයට පත්විය.

සංගා මෙම තරගයේදී ලකුණු 221ක් වාර්තා කළේය.

වැඩිම ද්විත්ව ශතක ප්‍රමාණයක් වාර්තා කර තිබෙන පිතිකරු වන්නේ ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ය. ඔහු ද්විත්ව ශතක 12ක් රැස්කර තිබේ.

ඡායාරූප ශාන්ත රත්නායක

වැඩිම ද්විත්ව ශතක වාර්තා කළ පිතිකරුවන් සඳහා මෙම ලින්ක් එක භාවිත කරන්න

http://stats.espncricinfo.com/ci/content/records/230344.html



Recommended Articles