එකට ඉපදී, එකට හැදීවැඩී එකම පාසලේ, එකම පන්තියේ ඉගෙනුම ලබා එකම ලකුණු ලබා මෙවර ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වූ නිවුන් දැරියන් දෙදෙනෙකු පිළිබඳ කතාවකි මේ.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි මෙම නිවුන් දැරියන් දෙදෙනා ලකුණු 177 බැගින් ලබා ගත්හ. ගාල්ල ගිංතොට, පියදිගම පදිංචි කේ.එම්.එච්. සිහෙලි සිතුම්යා සහ මහෙලි නෙතුම්යා ඉගෙනුම ලබන්නේ ගාල්ල ඕල්කට් විද්‍යාලයේය.
එම නිවුන් දැරියන්ගේ මාපිය යුවළ වන්නේ කේ.එම්.එච්. රංජිත් කුමාර මහතා සහ ඒ.ඩී. සුජීවා මනෝහරී ද සිල්වා මහත්මියයි.
රන්ජිත් කුමාර මහතා හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන අතර, සුජීවා මනෝහරී ද සිල්වා මහත්මිය පෞද්ගලික ආයතනයක සේවය කරයි.
තම දරුවන් දෙදෙනා කුඩා කල සිටම ඉගෙනීමට හපන්කම් දැක්‌වූ බවත්, මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පාසලේ අධ්‍යාපන කටයුතු සහ පන්තිභාර ගුරුතුමිය පාසල් වේලාවෙන් අමතරව පාසලේ කළ අමතර ඉගැන්වීම්වලින් ලබාගත් දැනුමෙන් මේ අන්දමට විභාගය සමත්ව තිබෙන බවද එම මාපිය දෙපළ පැවැසූහ.