ශ්‍රී ලංකාවේ ප්‍රථම සිවු නිවුන් දරුවෝ


ශ්‍රී ලංකාවේ ප්‍රථම සිවු නිවුන් දරුවෝ ඊයේ (14දා) 16 වියට පියනැගූහ. 16 වැනි උපන්දිනය වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේලා සිය නිවසට වැඩම කරවා සංඝගත දක්ෂිණාවක් පැවැත් වූ අතර, භික්ෂූන් වහන්සේලා සෙත්පිරිත් සඡ්ඣායනය කර මෙම දරුවන්ට සෙත් පැතූහ.
බදුල්ල, ඇටම්පිටිය ජයසිංහ ගම පදිංචි ලකිදු මාහෙල, ලිහිනි හිමාරා, ලසිදු වාසුර හා ලිහිණි බුදාරා යන සිවුනිවුන් දරුවෝ මෙසේ උපන් දිනය සැමරූහ.
වසර 2000 ඔක්තෝබර් මස 14 වැනිදා බදුල්ල මහ රෝහලේදී කළ ප්‍රශව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රුවන් පතිරණ හා ළමා රෝග විශේෂඥ වෛද්‍ය දේවප්‍රිය මෙන්ඩිස් යන මහත්වරුද ප්‍රමුඛ වෛද්‍ය හා කණ්ඩායමක් විසින් සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙම දරුවෝ මෙලොව එළිය දුටුවෝය.
මෙම සිවුනිවුන් දරුවෝ මේ වනවිට බණ්ඩාරවෙල ශාන්තජෝශප් විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ එකම පන්තියක ඉගෙනුම ලබති. 
මෙම දරුවන් ලොකු මහත් කිරීමට විවිධ උදව් ලබාදුන් දානපතියන්ටත්, ඒ පිළිබඳව දැනුවත් කළ ජනමාධ්‍යවලටත් ස්තූතිවන්ත වන බව ඩබ්ලිව්.ඒ. ලීලසේන සහ සේනාලි සිල්වා යන එම දරුවන්ගේ මවුපියෝ පවසති.







Recommended Articles