ශ්‍රී ලංකාවට උපරිම සහාය දෙනවා - UN මහ ලේකම්


සංහිඳියාව ශක්තිමත් වූ සමෘද්ධිමත් ජාතියක් ලෙස ගොඩනැගීමට දරණ ප‍්‍රයත්නයේදී ශී‍්‍ර ලංකාවට සෑම සහයෝගයක්ම ලබාදීමට සූදානම් බව එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා පවසා ඇත.

ශී‍්‍ර ලංකාව සහ එහි ජනතාව සමග වඩා සමීපව කටයුතු කරන බවත් මහ ලේකම්වරයා පැවැසා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන සැසිවාරය සඳහා සහභාගීවීමට ඇමරිකාවට ගිය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මහතා අතර ඊයේ (23) පැවැති හමුවේදී මහ ලේකම්වරයා මේ බව පවසා ඇත.

සංවර්ධන ඉලක්ක ද ජය ගනිමින් සංහිඳියා පිළිවෙතක් කරා ගමන් කරන ශී‍්‍ර ලංකාවේ වත්මන් ප‍්‍රගතිය දැක බලා ගැනීමට පුද්ගලිකවම සංචාරයක නිරතවන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම්වරයාට ඇරයුම් කළ බව ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.

 

02 (1) copy copy 02 (1) 03 copy copy 



Recommended Articles