ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප


ශ්‍රී ලංකාවේ දෙවැනි විශ්වවිද්‍යාලය වෙන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා මේ වන විට රාජ්‍ය සේවයේ නියතු ඉහළ පෙළේ නිලධාරීන් ඇගයීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධානය කළ ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදීප සම්මාන රාත්‍රිය ඊයේ (08දා) කොළඹ වෝටර්ස්එජ් හෝටලයේ පැවැත්වීය.

මෙහිදී  යතිවරයාණන් වහන්සේ තෙනමක්, අමාත්‍යාංශ ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු 47 දෙනෙකු සම්මානයට පාත්‍ර වූයෙය්. ජනපති  මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වීය ඒ සඳහා ජපුර සරසවියේ කුලපති ස්වාමීන් වහන්සේ වෙන බෙල්ලන්විල විමලරතන නාහිමියෝද එක්වූහ.

මෙහදී වත්මන් ශ්‍රී ලංකා ටෙලිකෝම් සමූහයේ සභාපති වෙන ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහෝදරයා වන පි.ජි. කුමාරසිරි සිරිසේන මහතාද සම්මානයට ප්‍රාත්‍ර වූයේය.

ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ


සම්මානයට පාත්‍රවූවෝ

පූජ්‍ය එගොඩමුල්ලේ අමරමෝලී නාහිමි (අමරපුර අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ මහ නාහිමි, පරිවේණාධිපති, රම්බොඩගල්ල මොණරාගල විද්‍යාසාගර පිරිවෙන), පූජ්‍ය එල්ලාවල මේධානන්ද නාහිමි (පුරාවිද්‍යා චක්‍රවර්ති), ආචාර්ය පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නාහිමි (කොළඹ 02 හුණුපිටිය ගංගාරාමධිපති, කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක අවිස්සාවේල්ල ශ්‍රී සුධර්මා පිරිවෙන), චිත්‍රාංගනී වාගීශ්වර (ලේකම් - විදේශ කටයුතු අමාත්‍යංශය), චන්ද්‍රානි සේනාරත්න (ලේකම් - කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය) සුධර්මා කරුණාරත්න (ලේකම් - ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය) ආචාර්ය බී.එම්.සුරේන් බටගොඩ (ලේකම් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය), ජී.සේන විතානගේ (ලේකම් - විදේශ රැකියා අමාත්‍යාංශය), ඩි. ස්වර්ණපාල (ලේකම්- අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය) කේ.කේ.අතුකෝරළ (ලේකම් - නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය), ඩගලස් නානායක්කාර (ලේකම් - විශේෂ ව්‍යාපෘති අමාත්‍යාංශය), දයා කමණි රේණුකා ඒකනායක (ලේකම් - ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ අමාත්‍යාංශය), බී.විජයරත්න (ලේකම් - කෘෂිකර්ම අමාත්‍යාංශය), ඩී.සී.දිසානායක (ලේකම් - උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය), ඩී.එම්.ආර්.බී.දිසානායක (ලේකම් - ක්‍රීඩා අමාත්‍යාංශය), වී.බී.පර්ල් කේ.වීරසිංහ (ලේකම් - නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යාංශය), සන්ධ්‍යා විජයබණ්ඩාර (ලේකම් - කර්මාන්ත හා වාණිජ රාජ්‍ය අමාත්‍යාංශය), ඒ.එම්.සුනිල් අබේවර්ධන (ලේකම් -කම්කරු හා වෘත්තිය සමිති සබඳතා රාජ්‍ය අමාත්‍යාංශය), චන්ද්‍රප්‍රේම ගමගේ (ලේකම් - ඉඩම් රාජ්‍ය අමාත්‍යාංශය), එම්.එම්.ගාමීණි විජේසිංහ (විගණකාධිපති) මහාචාර්ය සම්පත් අමරතුංග (උප කුලපති -ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය), පූජිත් ජයසුන්දර (පොලිස්පති), ආචාර්ය ඊ.ඒ.වීරසිංහ (අධ්‍යක්ෂ ජෙනරාල් - ජාතික ව්‍යාපාර කළමනාකාරිත්ව ආයතනය, උපකුලපති -ජාතික ව්‍යාපාර කළමනාකාරීත්ව විද්‍යායතනය), ඩබ්ලිව්.ඒ.චූලානන්ද පෙරේරා (අධ්‍යක්ෂ ජෙනරාල් - ශ්‍රී ලංකා රේගුව), කල්‍යාණි දහනායක (කොමසාරිස් ජෙනරාල් - ශ්‍රී ලංකා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව), නිහාල් රණසිංහ (පාලක ජෙනරාල් - ආගමන හා විගමන දෙපාර්තමේන්තුව), ආර්.එම්.එස්.සරත් කුමාර (කොමසාරිස් ජෙනරාල් - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව), චන්ද්‍රා වික්‍රමසිංහ (අධ්‍යක්ෂ ජෙනරාල් - දිවිනැගුම දෙපාර්තමේන්තුව), එල්.කේ.ජී.ගුණවර්ධන (සුරබදු කොමසාරිස් ජෙනරාල්), ඩබ්ලිව්.එම්.ජේ.පුෂ්පකුමාර (විභාග කොමසාරිස් ජෙනරාල් ) පුෂ්පා මුතුකුමාරණ (රජයේ ප්‍රධාන තක්සේරුකරු - තක්සේරු දෙපාර්තමේන්තුව පළමු කාන්තා තක්සේරුකරු), පුෂ්පා මල්කාන්ති ජයසිරි ගමගේ (එකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජෙනරාල් - රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමත්‍යාංශය), නිමල්කා ඩයස් (ආනයන අපනයන පාලක ජෙනරාල්), ඒ.ආර්.දේශප්‍රිය (නියෝජ්‍ය ලේකම් - මහා භාණ්ඩාගාරය), චන්ද්‍රරත්න පල්ලේගම (අධ්‍යක්ෂ ජෙනරාල් - සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව), මහාචාර්ය එම්.තිලකසිරි (අධ්‍යක්‍ෂ ජනරාල් - ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය), තිලකා ජයසුන්දර (අධ්‍යක‍්ෂ ජෙනරාල් -ඵලදායිතා ලේකම් කාර්යාලය), ජේ.ඒ.රංජිත් (අධ්‍යක්ෂ ජෙනරාල් - කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව), බී.කේ.ප්‍රභාත් චන්ද්‍රකීර්ති (අධ්‍යක්‍ෂ ජනරාල් - වෙරළ සංරක්‍ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව), අනුලා හරස්ගම (අධ්‍යක්ෂ ජෙනරාල් -රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුව), එම්.ඒ.චන්ද්‍රිකා කුලතිලක (අධ්‍යක්ෂ ජෙනරාල් - විගණන පාලන දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය), ලුම්බිනි දර්ශනා සේනානායක (අධ්‍යක්ෂ ජෙනරාල් - ව්‍යාපෘති පාලන හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය), ඒ.එම්.පී.එම්.බී.ප්‍රියන්කර අතපත්තු (අධ්‍යක්ෂ ජෙනරාල් - සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය) පී.ජී.කුමාරසිංහ සිරිසේන (සභාපති - ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම), ඩී.එම්.ඒ.ආර්.බී.අනුර දිසානායක (සභාපති අධ්‍යක්ෂ ජෙනරාල්  - ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය), මහාචාර්ය එම්.සුනිල් ශාන්ත ( අධ්‍යකෂ ජනරාල් - ජාතික රූපවාහිනී සංස්ථාව), කේ.එච්.මුතුකුඩආරච්චි (අධ්‍යක්‍ෂ ජනරාල් - මධ්‍යම පරිසර අධිකාරිය) 

_KSR4513 _KSR4517 _KSR4524 _KSR4528 _KSR4534 _KSR4537 _KSR4542 _KSR4562 _KSR4568 _KSR4579 _KSR4582 _KSR4588 _KSR4591 _KSR4599 _KSR4603 _KSR4607 _KSR4608 _KSR4613 _KSR4618 _KSR4623 _KSR4632 _KSR4643 _KSR4644 _KSR4659 _KSR4663 _KSR4675 _KSR4681



Recommended Articles