ශ්‍රී ලංකාවේ මාළුවලට ඇති යුරෝපා තහනම ඉවත් කිරීම, ජී.පී.එස්. බදු සහනය යළි ලබාගැනීම සහ මෙරට වකුගඩු රෝගීන් වෙනුවෙන් ජර්මානු වෛද්‍ය සහාය ලබාදීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සම්පාදනය කරන බව ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවසා තිබේ.
ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති ද්වීපාර්ශ්වික සාකච්ඡාවලදී චාන්සලර්වරිය මේ බව පවසා ඇත.
මෙරට ජනාධිපතිවරයා නිල වශයෙන් පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද (17දා) ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් චාන්සලර් නිල කාර්යාලයේදී පැවැත්විණ. ජනාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පැවැත්වූ අතර, දෙරටේම ජාතික ගී වාදනයෙන් අනතුරුව ජනාධිපතිවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාර පිරිනැමිණි. ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.