වෙසක් කූඩුවක් මෙන් ලස්සන ජීවිතයක්


වෙසක් දිනයට වෙසක් කූඩුවක් එල්ලන්න පුංචි දරුවන්ගේ ඇති කැමැත්ත ඉතා ඉහළයි. ඒ නිසාම වෙසක් කූඩුවලට දැන් ඉල්ලුම ඉහළයි. මේ පුංචි දරුවාත් ඔහුගේ සොහොයුරාගේත් බලාපොරොත්තුව වෙසක් කූඩුවක් එල්ලීම නෙවෙයි. වෙසක් කූඩුවක් විකුණා ගැනීමයි. තවමත් අලවා නැති වෙසක් කූඩුවක් වැනි මේ පැටවුන්ගේ ජීවිත ඔවුන් විකුණන හැඩවැඩ ඇති වෙසක් කූඩුවක් මෙන් ලස්සන කිරීම මේ වෙසක් දිනයේ දී ඔබේ පැතුම වනු ඇතැයි අපේ පැතුමයි. 

1



Recommended Articles