වෙරළ පිරිසුදු කිරීමට ජනපති එක්වෙයි


අන්තර් ජාතිකව සෑම වසරකම සැප්තැම්බර් මාසයේ තුන්වන සතියේ සෙනසුරාදාට යෙදෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනයට සමගාමී ජාතික උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19දා)  උදෑසන ගාලු මුවදොර වෙරළතීරයේදී පැවැත්විණි.
 
මේ අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකතුමන්ලා, අමත්‍ය පාඨලි චම්පික රණවක, බස්නාහිර පළාත් මහ ඇමති ඉසුරු දේවප්‍රිය, ජනාධිපති ලේකම් පී.බී අබේකොන්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීයේ සභාපති රංජිත් මීගස්වත්තේ, මහවැලි සංවර්ධන සහ පරිසර අමත්‍යාංශයේ ලේකම් උදය ආර් සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පරිසර හිතකාමීන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.  
 


Recommended Articles