මහින්දගේ ආරක්ෂක ප්‍රධානිගේ ඉඩමක් හාරයි


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකුගේ ඉඩමක් අද (26දා) අධිකරණ නියෝග මත පොලිස් අපරාධ මූල්‍ය කොට්ඨාසය මගින් කැණීම් කළේය.

 මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියෙකු වන මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගේ ඥාතිවරයෙකුට අයත් වීරකැටිය පල්ලේමුලන  ප්‍රදේශයේ  පොල්  ඉඩමක්  තුළ මෙසේ කැණීම් සිදුකෙරිණි.

 අද පෙරවරු 10 සිට සවස 04 පමණ වනතුරු බැකෝ යන්ත්‍ර යොදා එම කැණීම් කටයුතු සිදුකෙරිණි.

වළවල් දෙකක් වශයෙන් කැණීම් සිදුකෙරුණද එමගින් කිසිදු දෙයක් සොයාගැනීමට නොහැකි විය.

අදාළ ඉඩම නෙවිල් වන්නිආරච්චි මහතාගේ බිරිඳගේ පවුලට අයත් එකක් වන අතර, ඒ තුළ නෙවිල් වන්නිආරච්චිගේ බිරිඳගේ පියාට අයත් සොහොනක්ද තිබේ. 

මෙම අවස්ථාවට ආරක්ෂාව සැපයීම සඳහා ප්‍රදේශයේ කඳවුරු කීපයක පොලිස් විශේෂකාර්ය බළකා මධ්‍යස්ථානවල නිලධාරීන් රාශියක් හා පොලීසිය, රහස් පොලිස් නිලධාරිහුද පැමිණ සිටියහ.



Recommended Articles