හෙළ රජ දවසින් පසු ඉදිවූ විශාලතම ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වන රම්බඩගල්ල සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සමස්ත ලෝකවාසී ජනතාවගේම වන්දනාමානයට නිරාවරණය කිරමේ පුණ්‍යෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගිත්වයෙන් ඊයේ (30 දා) පස්වරුවේ පැවැත්විණි.
සමරු ඵලකය නිරාවරණය කර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාමානයට නිරාවරණය කළ ජනාධිපතිතුමා බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා ප්‍රථම මල් පූජාවද සිදු කළේය.
මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ, ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක පූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර මහානායක ස්වාමින් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නයද අමාත්‍යවරුන් වන කරූ ජයසූරිය, විජයදාස රාජපක්ෂ, අකිල විරාජ් කාරියවසම්, ගාමිනි ජයවික්‍රම පෙරේරා, වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර, නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, පාර්ලිමේන්තු මන්ත්‍රි නෙරංජන් වික්‍රමසිංහ යන මහත්ම මහමීන් ඇතුළු පිරිසක්ද ප්‍රදේශවාසී සැදැහැවත් ජනතාව අතිවිශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඡායාරූප: හෙම්මාතගම විජය බණ්ඩාර/ ගීතාංජලී ප්‍රියදර්ශණී