සිය ධුර කාල දෙක අවසන් කළ ඇමෙරිකානු හිටපු ජනපති බැරැක් ඔබාමා සිය පවුලේ සාමාජිකයන් සමග සතුටින් සිය විශ්‍රාම දිවිය ගත කරන ආකාරය ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම අණාවරණය කළේය. එහි නවතම ඡායාරූපයක් සී.එන්.එන්. පුවත්සේවය ජාත්‍යන්තරයට නිකුත් කළ අතර එම ඡායාරූපයෙන් කුඩා යාත්‍රාවක සිය බිරිඳ සමග විනෝදයෙන් පසුවන ඔබාමායි.
පසුගිය සිකුරාදා දකුණු පැසිෆික් මුහුදේ මූරෙයා දූපත්වලදී මෙම ඡායාරූපය ගෙන තිබුණි. එහිදී මිෂෙල් ඔබාමාගේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කරන බැරැක් ඔබාමාගේ ඡායාරූපයක් මෙහි දැක්වෙයි. එම අවස්ථාවට ඇමෙරිකාවේ සුපිරි තරු කිහිපයක්ද එක්ව සිටි බව සී.එන්.එන්. පුවත් සේවය පවසයි.