'හේට් ස්ටෝරි' චිත්‍රපට මාලාව ඉන්දියානු සිනමාව තුළ මහත් ආන්දෝලනාත්මක විය. ඒ සඳහා චෝදනා විශාල ප්‍රමාණයක් එල්ලවූ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ නිර්මාණය වූ %හේට් ස්ටෝරි^ චිත්‍රපටයේ හතරවැන්න එළිදැක්වීමට මේ වන විට සූදානම් බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරයි. එය ලබන වසරේ මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිතව බවත්, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උර්වෂි රවුටෙලා දායක වීමට නියමිත බවත් සඳහන් වෙයි. බොලිවුඩ් සිනමාවේ සිටින සරාගී නිළියන් අතරින් කෙනෙකු ලෙස බොහෝදෙනා ඇයව හඳුන්වයි. ඇය මීට පෙරද අඩ නිරුවත් දර්ශන සඳහා දායක වී ඇති බැවින් මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට ඇය තෝරාගත් බව සඳහන් වෙයි. කෙසේවුවත් නවක නිළියක් වන උර්වෂි ක්ෂේත්රයට ප්රවිශ්ට වූයේ නිරූපිකාවක් ලෙසිනි.
උර්වෂි රවුටෙලා සිනමා ක්ෂේත්රයට ප්රවිශ්ට වූයේ 2013 වර්ෂයේදී %සින්ග් ෂාබ් ද ග්‍රේට්^ සිනමාපටය හරහාය. ඉන්පසුව ඇයට 2014දී චිත්‍රපටයක් සඳහා අවස්ථාව ලැබුණි. එමෙන්ම එම වර්ෂයේදීම එළිදැක්වූ අන්තර්ජාතික වීඩියෝ ගීත ඇල්බමයක් සඳහාද දායක වීමට ඇයට අවස්ථාව හිමිවිය. 2015 වර්ෂයේදී චිත්‍රපට 3ක් සඳහා වරප්‍රසාද හිමිකර ගැනීමට උර්වෂි සමත් විය. ඒ අතරින් %මිස්ටර් අයිරාවාටා^ චිත්‍රපටය හරහා ප්‍රේක්ෂකයන් අතර නමක් දිනාගැනීමට උවර්ෂි සමත් විය. 2016 දී ඇයව බොහෝ ප්‍රසිද්ධියට පත්වූයේ %සනම් රේ^ චිත්‍රපටයෙන් හා විවේක් ඔබරෝයි සමග රංගනයෙන් දායක වූ 'ග්‍රේට් ග්‍රෑන් මස්ති' චිත්‍රපටය හරහායි. එම වර්ෂයේදීම ඇය රිතික් රෝෂන් ප්‍රධාන රංගනයට දායක වූ 'කාබිල්' චිත්‍රපටය සඳහාද දායක විය.
සිනමා නිළියක් වීමට ප්‍රථමයෙන් නිරූපිකාවක් ලෙස බොහෝ කටයුතුවල නිරත වූ උර්වෂි හට චිත්‍රපට කර්මාන්තයට යොමුවීමට මූලික අඩිතාලම වූයේ නිරූපණ වෘත්තියයි. 2011 වර්ෂයේදී 'මිස් ටුවරිසම් ක්වීන් ඔෆ් ද ඉයර්' ලෙස චීනයේදී ඇය කිරුළ දැරීය. ඒ වන විට ඇයගේ වයස අවුරුදු 17කි. 2011 වර්ෂයේදී දකුණු කොරියාවේදී %මිස් ඒෂියන් සුපර් මොඩ්ල්^ ලෙසද ඇයව නම් කෙරුණි. 2012 වර්ෂයේදී %මිස් යුනිවර්ස් ඉන්දියා 2012^ ලෙස උර්වෂි කිරුළ පලඳින ලදී. නිරූපිකාවක් ලෙස ක්ෂේත්රයට පැමිණ අධ්‍යාපනයෙන්ද සාර්ථකත්වයට පැමිණි ඇය ඉංජිනේරු අංශයෙන් සහ තොරතුරු තාක්ෂණයෙන් උපාධිධාරිනියකි. කෙසේවුවත් දක්ෂ රංගන ශිල්පියෙකු වුවත් ඇයව බොහෝදෙනා විවේචනය කරනු ලබයි. ඒ ඇයගේ ඇතැම් චිත්‍රපටවල රංගනයන් නිසා බවයි සඳහන් වන්නේ.