විල්සන් හෑගොඩ සැමරෙයි


ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු මෙන්ම කවියෙකු ලෙස සැලකෙන විල්සන් හෑගොඩ ශූරීන්ගේ  සියවැනි ජන්ම දින සැමරුම නිමිත්තෙන් මුද්දරයක් සහ මුල්දින කවරයක් නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලේඛනාරක්ෂක දෙපාර්තුමේන්තුවේදී අද(11දා) පෙරවරුවේ සිදුකෙරිණි.

ඔහුගේ සේවය අගයමින් පැවැති මෙම උත්සවය සඳහා තැපැල්සේවා අමාත්‍ය එච්.එම්.එච්.හලීම්,ලාල් හෑගොඩ මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව තුළ ඡායාරූප ශිල්පය ව්‍යාප්ත කිරීමේ නියමුවා ලෙස සැලකෙන විල්සන් හෑගොඩ මහතාගෙන් නොමිලයේ ඡායාරූප ශිල්පය ඉගෙනගත් සිසුපිරිස 20,000කට වැඩි බව සඳහන්වෙයි.

1950 වසරේ ඇරඹි ජාතික ඡායාරූප සංගමයේ ලේකම් ධුරය දරන කාලයේදීම අගනුවර තරුණ කවි සමාජය පිහිටුවා වසර 45ක් එහි ලේකම් ධුරය දරමින් කිවියන් දහස් ගණනකට කලාලොව විවෘත කිරීමටද ඒ මහතා කටයුතු කළේය.

ඡායාරූප-ඉසුරු පෙරේරා



Recommended Articles