විල්පත්තු විනාශය භික්ෂූන් වහන්සේලාගේ අවධානයට


විල්පත්තු ජාතික වනෝද්‍යානය අවට සිදුවන වන විනාශය දැක බලා ගැනීම සදහා ඊයේ (14දා) වන දින ජාතික භික්ෂු සම්මේලනය නියෝජනය කරන හිමිවරුන් 300ට ආසන්න ප්‍රමාණයක් සමග පරිසරවේදීන්, මාධ්‍යවේදීන් එම ප්‍රදේශයට ගියෝය.

කල්ආරු ප්‍රදේශයේ පැමිණි සියලු දෙනා වාහන වලින් බැස එම ප්‍රදේශය නිරික්ෂණයට ලක් කිරීම සිදු වූ අතර, එහි දී දැක ගැනීමට විශේෂිත කරුණු වූයේ මෙයට පෙර මෙම කල්ආරු ප්‍රදේශයේ වන සංරක්ෂණ අධ්‍යක්ෂක වරයාගේ නමින් අදාල ප්‍රදේශවල ඉදිකිරීම් ඇතුළු අනෙකුත් සියලුම කටයුතු තහනම් බවට දමා තිබූ පුවරු වල අලවා තිබූ ප්‍රදර්ශණ වැකි සහිත ස්ටිකර් ගලවා ඉවත් කර තිබීමය.

ඉන් අනතුරුව මෝදර ගං ආරු ප්‍රදේශය දක්වා බස් රථවලින් පැමිණ පිරිස බස් රථ වලින් බැස විල්පත්තුව මුල්ලිකුලම් පිවිසුම ආසන්නයට ගමන් කිරීම සිදු වූ අතර, එහි දී ජාතික සංඝ සම්මේලනයේ හිමිවරුන් මෝදර ගං ආරු යකඩ පාලම මත හිද සත්‍යග්‍රහයක නිරතවීම සිදු වූයේ මෙම වන විනාශය නැවත සිදු නොකිරීමට බලධාරින්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලමිනි.

නැවත බස් රථ වල නැගී පැමිණෙමින් සිටි භික්ෂුන් වහන්සේලා රැගත් බස් රථයකට යතුරු පැදි වලින් පැමිණි මුස්ලිම් ජාතිකයින් පිරිසක් පහත් ආකාරයෙන් බැණ වැදීම නිසා ඇති වන්නට ගිය බරපතල ගැටුම්කාරි තත්ත්වය පොලිසිය මැදිහත්ව වළක්වා ලීම සිදු විය. මෙහිදී මෙම මුස්ලිම් ජාතිකයින් දැඩි ආවේගයෙන් හැසිරෙනු ආකාරය දැකගත හැකි විය.

පසුව නැවත කල්ආරු වෙත පැමිණි භික්ෂුන් වහන්සේලා ඇතුළු සංචාරයට එක් වූ පිරිස රැගෙන විත් තිබූ පැළ රෝපණය කිරීමක්ද සිදු විය. ඒ සමගම පරිසරවේදීන් විසින් ඔවුන්ගේ මැදැහත් වීමෙන් නියමුවන් රහිත (QUJD COCTGR) අධි තාක්ෂණික කැමරා සවි කල කුඩා යානයක් උඩු ගුවනට යවා අදාල ප්‍රදේශය ඡායා රූප ගත කිරීමට කටයුතු කළේය.



Recommended Articles