අග්‍රගණය සිනමා නළු විජය කුමාරණතුංග මහතාගේ හා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පුතු වන විමුක්ති කුමාරණතුංග ඊයේ (07දා) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රෙය්දී දැකගත හැකිවිය. ඔහු දේශපාලනයට සම්බනධ වේදිකාවේදී දැකැගැනීමට ලැබුණුයේ කලාතුරකිනි. විමුක්තියේ ආච්චිවන හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 100 වැනි ඡන්ම ශත සංවත්සරය සැමරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
මෙහිදී විමුක්තිට දේශපාලඥයින්ගෙන් උණුසුම් පිළිගැනීමක් ලැබුණි. විමුක්ති දේශපාලනයට අකමැති බව බොහෝ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබුණි. ඔහු එංගලන්තයේ පශු වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන බවත් සඳහන් වෙයි. හිටපු ජනපතිනියද මෙම උත්සවයට එක්වූවාය. විමුක්තිගේ මෙම පැමිණීම ඔහුගේ දේශපාලන ගමන්මගේ ආරම්භයදැයි බොහෝ දෙනෙකු පවසයි.