රජයේ වාහන අවභාවිත කිරීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ 47 වැනි උන්දියනය අද (07දා) පාර්ලිමේන්තුවේදී සැමරීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනු ලැබීය.
එම අවස්ථාවට විමල් වීරවංශ මහතාගේ පවුලේ ඥාතීන්ද එක්ව සිටියහ. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ඒකබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
කෙසේ වෙතත් මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා විරෝධය දැක්වීය. ඔහු පවසන්නේ පාර්ලිමේන්තු භෝජනාගාරය තුළ මෙවැනි උත්සවයක් සංවිධානය කරන්නේ කෙසේද යන්නයි.
එම උපන්දින කේක් සැරසිල්ලට මාංචු යුගලයක්ද අයිසිංවලින් නිර්මාණය කර තිබුණ බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.