ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඉන්දීය ප්රිමියර් ලීග තරගාවලිය යටතේ ඊයේ (24දා) පැවැති තරගයේදී විනිසුරු බෘන්ස් ඔක්සෙන්ෆෝර්ඩ් වෙත වැඩි අවධානයක් යොමුවිය. ඒ ඔහු තරගය විනිශ්චය කිරීම සඳහා පැමිණෙන විට ආරක්ෂක උපකරණයක් පැළදගෙන පැමිණීමයි.
එහිදී ඔහු එම ආරක්ෂිත වැස්ම සිය වම්අතේ පැළදගෙන පැමිණියේය. යම් හෙයකින් පන්දුවක් තමා දෙසට පැමිණෙන්නේනම් එවිට අත්ආවරණය ඒ දෙසට යොමුකර ආරක්ෂාවීමට හැකියාවක් පවතියි.