වික්ටොරියා වාන් දමයි


වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීය වාන් දොරටු දෙකක් විවෘත වී ඇති බැවින් මහවැලි ගඟ දෙපසජනයාට අවධානයෙන් සිටින්නැයි වික්ටෝරියා ජලාශය භාර ඉංජිනේරුවරු පවසති.

මධ්‍යම පළාතට පවතින අධික වර්ෂාව නිසා ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වී ඇති බවත්, පසුගිය දෙසැම්බර් මාසයේදී අවසන්වරට මෙසේ ස්වයංක්‍රීය වාන් දොරටු විවෘත වී තිබේ.

වාන් දොරටු දෙක මීටරයක් උසට විවෘතව තිබෙන අතර, තප්පරයට ඝන මීටර 100  බැගින් එක් දොරටුවකින් ජලය නිකුත් ‍වන බව ජලාශය භාර ඉංජිනේරුවරු පවසති.

චමිල් රූපසිංහ / සෝමරත්න



Recommended Articles