පසුගිය මාස කිහිපය තුළදී ශ්‍රී ලංකාවට මුහුණ දීමට නියමිත නියඟයක් පිළිබඳව කතාබහක් ඇතිවුවත් වාසනාවට වර්ෂාව ලැබුණ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. සර්ව ආගමික දහම් පාසැල් කතිකාවතට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේදි එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
එ අයුරින්ම කිසිම දෙයක් පිළිබඳව බලාපොරොත්තු නැති කර ගැනීමට අවශ්‍ය නොවන බවත් පරාජිත ස්වරූපයක්ද ඇති නොකර ගත යුතු බවත් ජනපතිවරයා සඳහන් කරයි. රට ගොඩ නැගීමට සෑම දෙනෙකුම රටක් ලෙස කතා කළ යුතු බවත් ජනපතිවරයා සඳහන් කරයි.