වාද්දුව මුහුදෙන් මතුවුණු කාලගුණික අපූර්වත්වය


(Video) වාද්දුව හා පානදුර මුහුදේ  ඊයේ(30 දා) පස්වරු 3.00ට පමණ දුලබ එහෙත් අපූරු කාලගුණික වෙනස්වීමක් නිරීක්ෂණය කළ හැකි විය. මෙම හදිසි  තත්ත්වය වෙනත් රටවල 'ටොනේඩෝවක් 'ලෙසින් හැඳින්වෙන තත්ත්වයක් වුවද එය මුහුදෙන් ආරම්භ වී වෙරළ දෙසට ගමන් කළේය. ඉතා තද සුළං තත්ත්වයක් සමග මුහුදේ ජලය අහස දෙසට ඇදගන්නා අයුරු දක්නට ලැබිණ. මෙම තත්ත්වයෙන් කිසිවෙකුට හෝ දේපළ හානියක් පිළිබඳව වාර්තා නොවීය. පහත දැක්වෙනුයේ එය 'අද' කැමරා කාචයේ සටහන් වු  අයුරුය. 

 

 

 

 



Recommended Articles