ව්‍යාජ රියදුරු බලපත්‍ර හා ව්‍යාජ මුදල් නෝට්ටු අච්චු ගැසූ ස්ථාන දෙකක් අවස්ථා දෙකකදී වැටලීමට පොලීසිය සමත්ව තිබේ.
මරදාන, දේවානම්පියතිස්ස මාවතේදී ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස්කරන ලද ස්ථානයක් වටලා සැකකරුවන් 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය විසින් අත්අරඩංගුවට ගෙන තිබේ.
ව්‍යාජ රියදුරු බලපත්‍ර සකස් කිරීමට රැගෙන එන ලද ලියවිලි හා රුපියල් 34000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සකකරුවන් කටුවාවල, මොරටුව, නාරාහේන්පිට, මරදාන හා රත්තොට පදිංචි කරුවන් බවද පොලීසිය පවසයි.
මේ අතර ගනේමුල්ලේදී ව්‍යාජ 5000 නෝට්ටු 25ක් සමග කාන්තාවක්ද හා සැකකරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකාරිය හා සැකකරු ගනේමුල්ලේ පදිංචි කරුවෝ වෙති.