වරාය නගරය ඉදිකිරීම සඳහා වූ භූමි ප්‍රමාණය වෙනුවෙන් කොළඹ ගෝල් ෆේස් පිටියට නුදුරු මහ සයුර ගොඩ කිරීමේ කාර්යය මේ වන විට ඉතා කඩිනමින් සිදුවේ. ඉහත ගුවන් ඡායාරූපයෙන් දැක්වෙන්නේ වරාය නගරය සඳහා මහ සයුර ගොඩකර සැකසෙන හා ශ්‍රී ලංකා සිතියමට අලුතින් එක්වීමට නියමිත භූමිප්රමාණයයි.
මෙම භූමි ප්‍රදේශය 2018 වසරේ ජුනි මාසයේ සිට වරාය නගරයට අදාළ ව්‍යාපෘති සඳහා අවශ්‍ය ඉඩම් වෙනුවෙන් ආයෝජකයින් වෙත නිකුත් කිරීමට නියමිත බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 'අද' කළ විමසීමකදී සඳහන් කළේය.
ඡායාරූප - හෙරල් සේනාධීර