වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවිවරු වැනි මිනිසුන්ද ඇත


කිරි මව මරා මස් කන උදවිය සිටින රටේ තමන්ට කිරිදුන් කිරි මවද මස් කඩයට දක්කාගෙන යන මිනිස්සු සිටිති. ගල්කිරියාගම, හබරත්තාවල ප්‍රදේශයේ පදිංචිඩබ්.එම්. පුංචිබණ්ඩා මහතාගේ කිරිඑළදෙන දඩමස් ජාවාරම්කරුවන් විසින් බඳින ලද තුවක්කුවකට හසුවී මරණාසන්නව වැතිර සිටින්නීය.  පුංචි බණ්ඩා මහතාගේ පවුලේ උදවිය එළදෙන සමීපයට වී හඬා වැටෙමින් සිටින්නේ කළ හැකි කිසිවක් නොමැති නිසාවෙනි.



Recommended Articles