වනඅලි සිවුදෙනෙක් බේරා ගැනෙති


හොරොව්පොතාන, දෑකැතිපොතාන, කරදගස්වැව ගම්මානයේ හේන් යායක අනාරක්‍ෂිත වගා ළිඳකට වැටී සිටි වනඅලින් සිවු දෙනෙකු නිරුපද්‍රිතව ගොඩගත් බව වනජීවී නිලධාරීහු පවසති.

මෙම වනඅලින් සිවුදෙනා දින 03ක් පුරා වගා ළිඳට වැටී සිට ඇති අතර, හේන්යායේ හිමිකරු මෙය දැක හොරොව්පොතාන වනජීවී නිලධාරීන් දැනුවත් කර ඇත.

ඒ අනුව ක්‍රියාත්මක වූ හොරොව්පොතාන වනජීවී නිලධාරීහු බැකෝ යන්ත්‍රයක ආධාරයෙන් වගා ළිඳට වැටී සිටි වනඅලින් ගොඩට ගෙන කුදුරුවැව රක්‍ෂිතයට පළවා හැරීමට කටයුතු කළහ.

අවුරුදු 35ක් පමණ වන අලියෙකු, අවුරුදු 30ක් පමණ වන ඇතින්නියක හා අවුරුදු 03ක් සහ මාස 06ක් පමණ වන අලි පැටවුන් දෙදෙනෙකු මෙලෙස මුදාගත් බව වනජීවී නිලධාරීහු පැවසූහ.

IMAG0337 copy IMAG0339 copy

හොරොව්පොතාන - සිඩ්නි රුවන් උබේපාල

 



Recommended Articles