ඔබට සතුටුයිද දැන් - නාමල් අසයි


වත්මන් ආණ්ඩුව ජනතාවගේ ඇත්ත තත්ත්වය හෙළිකිරීමට මාධ්‍යයට අවස්ථාව ලබා නොදෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13දා) අරණායක සාමසර කන්ද අවතැන්වූවන් වසරකටත් වඩා වැඩි කාලයක් රැඳීසිටින කුඩාරම්වල නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් පැවසීය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“ඇමැතිවරයෙක් ඇවිල්ලා මාධ්‍යවේදීන්ට බනින ආණ්ඩුවකුයි කැබිනට් මණ්ඩලයකුයි ඉන්නේ. දැන් අපට අහන්න තියෙන්නේ අර සිවිල් සංවිධාන ආවානේ මාධ්‍ය නිදහස ගැන කතා කරලා. අපට ඒ අයගෙන් අහන්න තියෙන්නේ දැන් ඔබට සතුටුද කියලා තමයි.

‍මේ මාධ්‍ය නිදහස කියන දේ සම්පූර්ණයෙන් කප්පාදු කරලා මාධ්‍යවේදීන්ගේ නම කියලා බැණලා. මාධ්‍යවේදීන්ට දුරකථන පණිවිඩ දීලා තර්ජනය කරලා ඒ මදිවට මාධ්‍යවේදීන්ගේ දෙමව්පියෝ මතක් කරලාත් බණින ආණුවක් තමයි මේ යහපාලනයේ ඉන්නෙ”  යනුවෙන් සඳහන් කර සිටියේය.

මාවනැල්ල - හෙම්මාතගම විජය බණ්ඩාර

1 06 08



Recommended Articles