ලෝක ජනගහනයෙන් මිලියන 39 ක් අන්ධභාවයට ලක්වී සිටින අතර, වාර්ෂිකව අන්ධභාවය මිලියන 1 ත්, 2 ත් අතර වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
අන්ධභාවයට ලක්වන වැඩිදෙනෙකු සංවර්ධනය වෙමින් පවතින රටවලින් දක්නට ලැබෙන බවත්, අන්ධභාවයට ලක්වූවන්ගෙන් 80෴ ක් පමණ ප්‍රතිකාර මගින් වළක්වාගත හැකි බවත් විශේෂඥ වෛද්‍ය මහීපාල මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ විවිධ අක්ෂි රෝග හේතුවෙන් අන්ධභාවයට පත්වන ප්‍රමාණය ජනගහනයෙන් 150,000 ක් පමණ වන අතර, ඇසේ සුද ඇතිවීම අන්ධභාවයට පත්වන ප්‍රධානතම හේතුව ලෙස හඳුනාගෙන ඇතැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
ඇසේ සුද ශල්‍ය කර්මයක් මගින් ඉවත් කිරීමට හැකි අතර, ඉන් 100෴ ක්ම ඇතිවිය හැකි අන්ධභාවය වළක්වාගත හැකි බවත්, දියවැඩියාව, අක්ෂි ආබාධ, ග්ලුකෝමාව හා මඳ පෙනුම අන්ධභාවය ඇතිවීමට හේතුවන අනිකුත් සාධක ලෙස හඳුනාගෙන තිබේ.
ශ්‍රී ලංකාවේ අක්ෂි සේවාවේ ගුණාත්මකභාවය වෙනුවට රජය වසරකට රුපියල් මිලියනයකට වැඩි මුදලක් ආයෝජනය කරන අතර, ඇසේ සුද ඉවත්කිරීමේ ශල්‍යකර්මය 85,000 කට වැඩිප්රමාණයක් සිදුවන බවද සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
වර්ෂ 2020 වනවිට ශ්‍රී ලංකාවේ වළක්වාගත හැකි අන්ධභාවය තුරන් කිරීමේ අරමුණින් 2007 වසරේදී විෂන් 2020 වැඩසටහන් අරඹා ඇති අතර, ඔක්තෝබර් 08 දාට යෙදී ඇති ලෝක දෘෂ්ටි දිනය %දෙනෙතට එළියක්^ නමින් පැවැත්වීමට තීරණයක් කර තිබේ.
ලෝක ජනගහනයෙන් මි 39ක් අන්ධයි
Recommended Articles