ලොක්කන්ගේ කුණු පොඩ්ඩෝ ඉවත් කරති


නාඋල නගරයේ පිහිටි මහජන ක‍්‍රීඩාංගණයේ දින පහක් පුරා එක්රැස්වූ කැළි කසළ ඉවත් කිරීමට ඊයේ (10දා) ෆ්‍රී බර්ඩ් පෙර පාසලේ දරුවෝ පියවර ගත්හ.

නාඋල මහජන ක‍්‍රීඩාංගණයේ පැවැති තොරණ ප‍්‍රදර්ශනයෙන් පසු වැඩිහිටියන් ඉතිරි කර තිබූ බොහෝ අපද්‍රව්‍ය  ඉවත් කිරීමට පෙරපාසල් දරුවෝ මහත් වෙහෙසක් ගත්හ.

ඒ අතර ප්ලාස්ටික් බෝතල්, පොලීතින්, හිස් බීම බෝතල් බොහොමයක් කුඩා දරුවන් විසින් එකතු කරන ලදී.

මාතලේ දිස්ත‍්‍රික්කයේ පිහිටි විශාලතම ක‍්‍රීඩාංගණය වන නාඋල මහජන ක‍්‍රීඩාංගණය පාසල් දරුවන් මෙන්ම විවිධ පුද්ගලයන් විසින් විවිධ උත්සව සඳහා යොදාගන්නා පොදු ස්ථානයකි.

මේ අවස්ථාවට නාඋල නාතිස්ස රාජමහා විහාරස්ථානයේ පූජ්‍ය බිබිලේ වජිරඥාන ස්වාමීන් වහන්සේද වැඩම කළ අතර, පිරිසුදු කිරීම් සඳහා පෙර පාසල් දරුවෝ පනහකට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.

නාඋල - ඉන්දික අරුණ කුමාර

IMG_20170710_101015 copy IMG_20170710_101120 copy IMG_20170710_101525 copy IMG_20170710_101625 copy IMG_20170710_101936 copy IMG_20170710_103015 copy



Recommended Articles