ලෙස්ටර්ගේ අවසන් කටයුතු බෞද්ධ හා කතෝලික චාරිත්‍ර සම්මිශ්‍රණයෙන්


අභාවප්‍රාප්ත වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බෞද්ධ හා කතෝලික ආගමික චාරිත්‍ර මිශ්‍රව පවත්වන බව  ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක හා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා පවසයි.

එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඉල්ලීම මතම සිදුවන බවද ඔහු පැවසීය.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු වන ආකාරය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා සිටියේය.

අවසන් කටයුතු මැයි 02 වැනිදා සවස 3.30ට නිදහස් චතුරස්‍රයේදී පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙයි.

අවමංගල්‍ය වැඩසහටන

බදාදා උදෑසන තෙක් දේහය ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ මහජන ගෞරවය වෙනුවෙන් තබා තිබේ.

02 වැනිදා උදෑසන 9.30ට කතෝලික ආගමික චාරිත්‍රවලින් පසුව දේහය නිවසින් නිදහස් චතුරස්‍රය කරා රැගෙන යෑමට නියමිතය.

පෙ.ව. 10.00ට පමණ චිත්‍රපට සංස්ථාව අසලින් කලාකරුවන් සහිතව අවමංගල්‍යය පෙරහර නිදහස් චතුරස්‍රය වෙත රැගෙන යෑමය නියමිතය.

පෙ.ව. 11.00 සිට නිදහස් චතුරස්‍රයේදී දේහය නැවතත් මහජනතාව වෙනුවෙන් ගෞරව දැක්වීමට තබා තිබේ.

සවස 3.30ට අවමඟුල් උළෙලේ කටයුතු සිදුවෙයි.

මුලින්ම බෞද්ධාගමික චාරිත්‍රවලින් පසුව ගිහි දේශන පැවැත්වෙයි.

කතෝලික දේව මෙහෙය පසුව පැවැත්වෙන අතර, ඉන් අනතුරුව චිතකයට ගිනි දැල්වීමට නියමිතය.

ඡායාරූප - ශමීර රාජපක්ෂ

DSC_5638 DSC_5640 DSC_5650 DSC_5657 DSC_5671 DSC_5701 DSC_5726 DSC_5731



Recommended Articles